Wednesday, August 27, 2014

(හිරි)මල් හීන




දම් පාට නිල් පාට කහ පාට මල් එක්ක
ගං දෑල උඩ පනින මල් හීන මං දැක්ක
නංගියව සිහි වෙන්නෙ රතු ගවුමෙ මල් එක්ක
සංසාරෙ හැමදාම ඇවිදින්නෙ ඈ එක්ක

මොණරගලටත් එහා කේරලේටත් එහා
නිල් අහසටත් එහා මුලු ලෝකෙටම එහා
හිත මිසක කය නොමැති අකනිටාවකි මහා
උඹ ඉන්නෙ මං එක්ක බලාපන් මා දිහා

පාවෙනා හිතේ නුඹෙ සතුට මිස දුක නොමැති
හීනෙනුත් හිනහෙනා ප්‍රීතියේ ඉම නොමැති
ආඩතෝඩා සුවඳ කෙලවරේ බොර දුමැති
විඳගනින් ජීවිතේ මේ තමයි උඹ කැමති

තණ මලක සුවඳ ගෙන විලේ දිය නාන්නට
පණ උනත් පුදන්නම් මලේ සුව විඳින්නට
සිනහවට කැමති නම් හිත පුරා හිනැහෙන්ට
පණ ගැහෙන පපුවකට එයම ඇති සැනසෙන්ට

ජීවිතේ හීනයකි හීනයයි ජීවිතේ
දවාලකි රාත්‍රිය රැයට දහවල සිතේ
ලෝකයම යටිකුරුව පීඩිතව හාමතේ
සහනයක් ලැබගන්න එන්න මේ මාවතේ



කාලයකට ඉස්සරින් ලියපු කවි පෙළක්.. පාළුවට ගිය අඩවිය අලුත් කරන්න හිතුවා..

12 comments:

  1. සුවය වඩන හෙළ ඔසුවකි
    ත්‍රිමාණයේ සිහින පැසකි
    මල් සුව විඳිනා ගුණ සකි
    පැදි පෙළකින කියනු නොහැකි - කියලා මට හිතුනට.. ඔය කියලා තියෙන්නේ... අපූරුවට... ලස්සනයි මචං !!!

    ReplyDelete
    Replies
    1. මලක් ගැන වරුණා
      බඹරෙක් ම කිව මනා
      දැන නියම පමණා
      විඳිනු මල් සැප සුවය ලැබෙනා.

      ස්තූතියි මචං...!!

      Delete
  2. වෙන මොනා කියන්නද බන්. පට්ටයි. මේක මුලින්ම කියවපු දවසේ තේරුම දැනගත්තෙ කමෙන්ට් ටික කියවලා. අර එක්කෙනෙක් පිළිතුරු කවියකුත් කියල තිබ්බෙ. ආයෙත් කියන්නෙ පට්ටයි............................

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං...!!

      Delete
    2. මුලින්ම කියවනකොට උඹ ඉතිං පොඩි එකානෙ කොල්ලො.. තාමත් ඉතිං පොඩීනේ.

      Delete
    3. :( දැන් 18යි.................

      Delete
  3. සුපිරි කයිය.කවියකින් උත්තර දෙන්න හැකියාව මොට්ට වෙලා දැන්.ලියමු ලිය්මු ආයෙත්

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා අනේ. දැන් ඉතිං එක්කෙනෙකුට විතරනෙ කවි ලියන්නෙ නේද..
      ස්තූතියි නංගි...!!

      Delete
  4. මලක් ගහලම කියවන්න වටින පොස්ට් එකක්.. නැද්ද චුට්ටක්?

    ReplyDelete
    Replies
    1. චුට්ටක් ඇද්ද.. ;) කිලෝ ගෑරෑම් වලින් තමයි දැන් වැඩ.
      ස්තූතියි මචං...!!

      Delete
  5. මේක කියෙව්වා වගේ මතකයි, මතකේ හරි අර චූවා කියලා තියෙන්නේ... පස්ට පස්ට

    ReplyDelete
    Replies
    1. මේක ලිව්වා බ්ලොග් මහ ගෙදරට.. ඇයි මචං උඹ පළපුරුදු ගගන ගාමියෙක් විදියට කමෙන්ට් එකකුත් දැම්මේ ;)
      ස්තූතියි මචං...!!

      Delete