Thursday, March 12, 2015

කොතැනක හෝ හිඳ නුඹ සතුටින් සිටියි නම් මම ද සතුටින් වග පමණක් පවසමි.




සියක් ගව් මා දුරින් සිටියත් - තනිය දැනෙනා විට හදේ
ඇවිත් මොහොතක් ළඟ රැඳෙන්නම් - අමතකව නැහැ පියබඳේ

නුවන් අග මුතු කඳුලු සඟවා - සිනාසෙන විට සඳ නුබේ
පවන් රැල්ලක් වෙලා ඇවිදින් - මුහුණ සිපගන්නම් ඔබේ

මාලතී මල් පරව යන මුත් - නැවුම් මලකට ඉඩ හදා
මා හදේ මල් අසුන සිපගත් - කුසුම් සුවඳයි නුඹ සදා

පැතුම් පමණක් ළඟ ඉතුරු කර - ජීවිතේ ගඟ යයි ඇදී
සිතින් නොසැලී ගමන මේ දුර - ගලනු කඳුලට ඉඩ නොදී

හදවතක් ඔය නමින් පෙම් කල - කොතැන හෝ හිඳ තනිවෙලා
ජීවිතේ කල් ගෙවාගනු ඇත - නුඹේ සැනසුම දෙස බලා

6 comments:

  1. පස්ට.... පොඩියට සෙට් වෙලා අහන්න තිබ්බනං මරු.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.. පොඩියට සෙට් වෙමු වෙලාවක ;)
      තෑන්ක්ස් මචං..!!

      Delete
  2. //හදවතක් ඔය නමින් පෙම් කල - කොතැන හෝ හිඳ තනිවෙලා
    ජීවිතේ කල් ගෙවාගනු ඇත - නුඹේ සැනසුම දෙස බලා//

    මුළු ලොවම නැති වුනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් කිව්වලු
    පට්ට පට්ට මචන් :D

    ReplyDelete
    Replies
    1. ලොවේ දිනයක තනි වුනෝතින්.. ඔබේ හද සෝතාපයෙන්
      සොයා එන්නට සිටින කැපවී.. එකම එක හදවතක්.. ඇත ඔබේ නාමයෙන් :)
      තෑන්ක්ස් මචං...!

      Delete
  3. සුපිරි............... වෙන කියන්නට දෙයක් නැත. තව අවුරුද්දකින් විතර එන්නං ඊළග එක කියවන්න..............

    ReplyDelete
    Replies
    1. නෑ එහෙම වෙන්නෑ.. ;) හෙටම දානවා තව එකක්.. :P
      තැන්ක්ස් මලේ..

      Delete