රන් හා රස සේම - ළඟ හිඳ පණ සේම
නුඹ දුර ගිය දාම - නැතිවිය සැනසීම
කඳුලින් නෙතු තාම - වැලපෙයි හැමදාම
ඉවසන්නෙද කෝම - නුඹ අහිමිව යෑම
මම ලොව එක් තැනක - නුඹ අද තව තැනක
ළඟ සිටි පෙර දිනෙක - රිදවයි ඒ මතක
ආදර සුදු මැණික - මගෙ ආදර මැණික
ජීවත් විය නොහැක - මොහොතක් ඔබ නොදැක
නිල්මිණි බඳු නයන - සිත සැනසුම් ගේන
නිතරම වගෙ දොඩන - රතදර හස පාන
කිම මට තරු රෑන - නැතිදා සඳපාන
නොපෙනේවා හීන - නොමැතිව සුදු මූණ
නුඹ දුර ගිය දාම - නැතිවිය සැනසීම
කඳුලින් නෙතු තාම - වැලපෙයි හැමදාම
ඉවසන්නෙද කෝම - නුඹ අහිමිව යෑම
මම ලොව එක් තැනක - නුඹ අද තව තැනක
ළඟ සිටි පෙර දිනෙක - රිදවයි ඒ මතක
ආදර සුදු මැණික - මගෙ ආදර මැණික
ජීවත් විය නොහැක - මොහොතක් ඔබ නොදැක
නිල්මිණි බඳු නයන - සිත සැනසුම් ගේන
නිතරම වගෙ දොඩන - රතදර හස පාන
කිම මට තරු රෑන - නැතිදා සඳපාන
නොපෙනේවා හීන - නොමැතිව සුදු මූණ
අඩෝ මචන් පට්ටම කවි ටික. //ආදර සුදු මැණික - මගෙ ආදර මැණික// මෙන්න මෙතනින් තමයි ලොවෙත් ෆීල් කරවන්නේ. පස්ටයි !
ReplyDeleteස්තූතියි මචං..!
Delete//කිම මට තරු රෑන -
ReplyDeleteනැතිදා සඳපාන
නොපෙනේවා හීන - නොමැතිව
සුදු මූණ// pastai aaaaah.
ස්තූතියි මෝර පැටියා..
Deleteසිංදු කියපු එකම මාත් කියන්නම්... "ආදර සුදු මැණික - මගෙ ආදර මැණික" සුපිරි... එත් දුකයි :(
ReplyDeleteස්තූතියි බඩී....!
Delete//කිම මට තරු රෑන - නැතිදා සඳපාන
ReplyDeleteනොපෙනේවා හීන - නොමැතිව සුදු මූණ//
සුපිරි කවි ටික අයියෙ! කවියෙ නිදානය ගැනනම් සුපිරියටම දුකයි..කවි ලියන එකත් සැනසිල්ලක්නෙ ඒත් නේද
ස්තූතියි නංගා..!
Delete