සියක් ගව් මා දුරින් සිටියත් - තනිය
දැනෙනා විට හදේ
ඇවිත් මොහොතක් ළඟ රැඳෙන්නම් - අමතකව
නැහැ පියබඳේ
නුවන් අග මුතු කඳුලු සඟවා - සිනාසෙන
විට සඳ නුබේ
පවන් රැල්ලක් වෙලා ඇවිදින් - මුහුණ
සිපගන්නම් ඔබේ
මාලතී මල් පරව යන මුත් - නැවුම් මලකට
ඉඩ හදා
මා හදේ මල් අසුන සිපගත් - කුසුම්
සුවඳයි නුඹ සදා
පැතුම් පමණක් ළඟ ඉතුරු කර - ජීවිතේ ගඟ
යයි ඇදී
සිතින් නොසැලී ගමන මේ දුර - ගලනු කඳුලට
ඉඩ නොදී
හදවතක් ඔය නමින් පෙම් කල - කොතැන හෝ
හිඳ තනිවෙලා
ජීවිතේ කල් ගෙවාගනු ඇත - නුඹේ සැනසුම
දෙස බලා
පස්ට.... පොඩියට සෙට් වෙලා අහන්න තිබ්බනං මරු.
ReplyDeleteඅනිවා අනිවා.. පොඩියට සෙට් වෙමු වෙලාවක ;)
Deleteතෑන්ක්ස් මචං..!!
//හදවතක් ඔය නමින් පෙම් කල - කොතැන හෝ හිඳ තනිවෙලා
ReplyDeleteජීවිතේ කල් ගෙවාගනු ඇත - නුඹේ සැනසුම දෙස බලා//
මුළු ලොවම නැති වුනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් කිව්වලු
පට්ට පට්ට මචන් :D
ලොවේ දිනයක තනි වුනෝතින්.. ඔබේ හද සෝතාපයෙන්
Deleteසොයා එන්නට සිටින කැපවී.. එකම එක හදවතක්.. ඇත ඔබේ නාමයෙන් :)
තෑන්ක්ස් මචං...!
සුපිරි............... වෙන කියන්නට දෙයක් නැත. තව අවුරුද්දකින් විතර එන්නං ඊළග එක කියවන්න..............
ReplyDeleteනෑ එහෙම වෙන්නෑ.. ;) හෙටම දානවා තව එකක්.. :P
Deleteතැන්ක්ස් මලේ..