දුක සතුට මාරුවෙන් මාරුව
ගලාගෙන ගිය ගෙවුණු යුග වල
බොහෝ මිනිසුන් මුණගැසී ඇත
කඳුල සිනහව හදට ලං කල..
අඳුර රජකළ ලොවක ගනඳුර
සහන් එළියක් ලෙසින් දුරුකල
මෙතෙක් කල් මට මුණ ගැසී ඇති
සුන්දරම සිත දකිමි නුඹ තුල..
නිවී යන්නට පළමුවෙන් සිළ
පරව යන්නට කලින් පිපි මල
නතර වෙන්නම් අතර මඟකින්
මතකයන් සමඟින් ඉතිරිකළ..
Image: Eternal Sunshine of the spotless mind
අගෙයි...............
ReplyDeleteස්තූතියි සහෝ....!
Delete