Saturday, March 15, 2014

කිම මට තරු රෑන නැතිදා සඳපාන



රන් හා රස සේම - ළඟ හිඳ පණ සේම
නුඹ දුර ගිය දාම - නැතිවිය සැනසීම
කඳුලින් නෙතු තාම - වැලපෙයි හැමදාම
ඉවසන්නෙද කෝම - නුඹ අහිමිව යෑම

මම ලොව එක් තැනක - නුඹ අද තව තැනක
ළඟ සිටි පෙර දිනෙක - රිදවයි ඒ මතක
ආදර සුදු මැණික - මගෙ ආදර මැණික
ජීවත් විය නොහැක - මොහොතක් ඔබ නොදැක

නිල්මිණි බඳු නයන - සිත සැනසුම් ගේන
නිතරම වගෙ දොඩන - රතදර හස පාන
කිම මට තරු රෑන - නැතිදා සඳපාන
නොපෙනේවා හීන - නොමැතිව සුදු මූණ

Tuesday, March 11, 2014

එක

අද වගේම ලස්සනට ඉර පායල තිබුණ එකමත් එක දවසක තනි වුන පුංචි කුරුල්ලෙක් දුර අහසෙ ඈතට ඈතට ඉඟිලිලා ගියා. එකපාරටම ආව ලොකු සුළඟකට මැදිවුන මේ කුරුල්ලා ඒ සුළං සැරෙන් බේරෙන්න බැරිව ඈතට විසි වෙලා ගියා. අහිංසකයට උනේ මොකද්ද කියල දැනගන්න කවුරුවත්ම ලඟපාත හිටියෙ නෑ. ඒ කුරුල්ලගෙන් ගැලවිලා ආව පුංචි පිහාටුවක් සුලඟත් එක්කම පාවෙලා ඇවිත් හරියටම නතර උනේ ඇමරිකාවෙ කැලිෆෝනියා ප්‍රාන්තෙ මවුන්ටන් වීව් නුවර ගූගල් සමාගමේ අර්ධ සුපිරි පරිගණකයක් උඩ.


සැලමුතු සිතුවිලි


සැල කියන්නෙ ව්‍යාජ කියන එක. මුතු කියන්නෙ මුක්ත හෙවත් වෙන්වුන කියන එක. සැලමුතු සිතුවිලි කියන්නෙ හිතක පහල වෙන අව්‍යාජ සිතුවිලි වලට.

මේ බ්ලොග් අඩවිය අරඹන්නට දිරි දුන්න සිංදුවා. ජෙමා අයියා. ඇතුළු සහෝදර මිතුරු කැලට ස්තුතියි.

මුල්ම පෝස්ට් එක පෙන්නන්න ඇයත් ලඟ හිටියනම් කියල හිතුණා.. අද රෑට කතා කරල කියන්න ඕනෙ :)