Saturday, March 15, 2014

කිම මට තරු රෑන නැතිදා සඳපාන



රන් හා රස සේම - ළඟ හිඳ පණ සේම
නුඹ දුර ගිය දාම - නැතිවිය සැනසීම
කඳුලින් නෙතු තාම - වැලපෙයි හැමදාම
ඉවසන්නෙද කෝම - නුඹ අහිමිව යෑම

මම ලොව එක් තැනක - නුඹ අද තව තැනක
ළඟ සිටි පෙර දිනෙක - රිදවයි ඒ මතක
ආදර සුදු මැණික - මගෙ ආදර මැණික
ජීවත් විය නොහැක - මොහොතක් ඔබ නොදැක

නිල්මිණි බඳු නයන - සිත සැනසුම් ගේන
නිතරම වගෙ දොඩන - රතදර හස පාන
කිම මට තරු රෑන - නැතිදා සඳපාන
නොපෙනේවා හීන - නොමැතිව සුදු මූණ

8 comments:

  1. අඩෝ මචන් පට්ටම කවි ටික. //ආදර සුදු මැණික - මගෙ ආදර මැණික// මෙන්න මෙතනින් තමයි ලොවෙත් ෆීල් කරවන්නේ. පස්ටයි !

    ReplyDelete
  2. //කිම මට තරු රෑන -
    නැතිදා සඳපාන
    නොපෙනේවා හීන - නොමැතිව
    සුදු මූණ// pastai aaaaah.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෝර පැටියා..

      Delete
  3. සිංදු කියපු එකම මාත් කියන්නම්... "ආදර සුදු මැණික - මගෙ ආදර මැණික" සුපිරි... එත් දුකයි :(

    ReplyDelete
  4. //කිම මට තරු රෑන - නැතිදා සඳපාන
    නොපෙනේවා හීන - නොමැතිව සුදු මූණ//

    සුපිරි කවි ටික අයියෙ! කවියෙ නිදානය ගැනනම් සුපිරියටම දුකයි..කවි ලියන එකත් සැනසිල්ලක්නෙ ඒත් නේද

    ReplyDelete