Tuesday, March 11, 2014

එක

අද වගේම ලස්සනට ඉර පායල තිබුණ එකමත් එක දවසක තනි වුන පුංචි කුරුල්ලෙක් දුර අහසෙ ඈතට ඈතට ඉඟිලිලා ගියා. එකපාරටම ආව ලොකු සුළඟකට මැදිවුන මේ කුරුල්ලා ඒ සුළං සැරෙන් බේරෙන්න බැරිව ඈතට විසි වෙලා ගියා. අහිංසකයට උනේ මොකද්ද කියල දැනගන්න කවුරුවත්ම ලඟපාත හිටියෙ නෑ. ඒ කුරුල්ලගෙන් ගැලවිලා ආව පුංචි පිහාටුවක් සුලඟත් එක්කම පාවෙලා ඇවිත් හරියටම නතර උනේ ඇමරිකාවෙ කැලිෆෝනියා ප්‍රාන්තෙ මවුන්ටන් වීව් නුවර ගූගල් සමාගමේ අර්ධ සුපිරි පරිගණකයක් උඩ.


සැලමුතු සිතුවිලි


සැල කියන්නෙ ව්‍යාජ කියන එක. මුතු කියන්නෙ මුක්ත හෙවත් වෙන්වුන කියන එක. සැලමුතු සිතුවිලි කියන්නෙ හිතක පහල වෙන අව්‍යාජ සිතුවිලි වලට.

මේ බ්ලොග් අඩවිය අරඹන්නට දිරි දුන්න සිංදුවා. ජෙමා අයියා. ඇතුළු සහෝදර මිතුරු කැලට ස්තුතියි.

මුල්ම පෝස්ට් එක පෙන්නන්න ඇයත් ලඟ හිටියනම් කියල හිතුණා.. අද රෑට කතා කරල කියන්න ඕනෙ :)

20 comments:

  1. කමෝන් කිව්වා. හොඳ කවි ටිකක් කියවතෑකි අපිට..

    ReplyDelete
    Replies
    1. මංගල කමෙන්ටුවට තැන්කිව් වේවා...!

      Delete
  2. සුපිරි.....
    මාගේ සුභාසිංශන...............

    ReplyDelete
  3. හ්ම්..... කියන්න කියන්න. එයාත් සතුටු වෙයි. සුබ පැතුම් :)

    ReplyDelete
  4. සුබව සුබ සුබපැතුම් ට්‍රොජා..සතියට දෙතුන් පාරක්වත් කවි පෝස්ටුවක් දැම්මෙ නැත්තංනේ!! මේක බ්ලොග් රෝලට දාගන්නවා ඔන්න...

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ය. සතියට දෙතුන් පාරක් නේ..

      Delete
  5. හොඳ හොඳ කයියන් කරලියේ නිතර නිතර දකින්න ලැබේවා ! සුපිරි මචං ! සැලමුතු සිතුවිලි වලින් දසත නෙලපන්කෝ එහෙනම් දෙයියනේ කියලා. ජය වේවා !

    ReplyDelete
  6. අඩෝ උඹ දැන් ඇමරිකාවෙද ඉන්නෙ? දිගටම ලියාගෙන යමු. අපිත් දිගටම කියවගෙන එන්නන් :D

    ReplyDelete
    Replies
    1. මම නෙමේ අර පිහාට්ට.. ;) තෑන්ක්ස් මචං..

      Delete
  7. සහෘද කවියාණනි දැන් මේ පෝස්ටුව ඇතිය..කවි පෝස්ටුවක් ලියා පල කරන ලෙස කාරුණිකව තර්ජනය කරමි

    මීට නොඉවසිලිමත් රසික ජනතාව

    ReplyDelete
    Replies
    1. ඔහොමත් බලපෑම් කරනවද ඈ... අම්මපා සාරියක් තිබුනනම්..

      Delete
    2. බලපෑම් නැත්තං ලියන එක්කෙනානෙ මෙයා...

      Delete
    3. යකෝ එකක් විතරද ? දෙක නැද්ද ? :v

      Delete
  8. ආයුබෝවේවා
    කල සෙත උතුම් වේවා
    දෝස දුරුවේවා
    සක්‍ර මහ බඹු ආයුබෝවා

    http://www.youtube.com/watch?v=PyIeBx3OfBE&list=LLZC4lKlE0Y5wGui9O5t1MDA

    ReplyDelete
    Replies
    1. ආයුබෝ වේවා..!! තැක්කිව්ත් වේවා..!!!

      Delete
  9. මේකට මක්කවත් කොටන් බැරි වෙලානේ................
    ජයවේවා කිව්වා එහෙනං හරිය...............................

    ReplyDelete