කාත් කවුරුත් නැති උනත් ළඟ
සිතින් නුඹ ළඟ ඉන්නවා
සුවඳ තාමත් දැනෙනවා
ඒත් දාහක් සෙනඟ අතරේ
තනිකමක් මට දැනෙනවා
නුඹේ මුහුණම සොයනවා
රෑත් ඇහැරී සිහිනයෙන් මෙන්
නුඹව අතගා සොයනවා
කොහි ගිහින්දැයි සිතෙනවා
ඈත් වී දිගු කලක් හින්දා
යළි නොයේදැයි හිතෙනවා
හිතට මම බොරු කියනවා
කඳුළු අතරට සිනා රැලි වෙමි. විඩාවට සෙවනක් වෙමී. ජීවිතේ පොත පුරා ලියැවෙන ආදරේ කවියක් වෙමි
Saturday, October 3, 2015
Thursday, March 12, 2015
කොතැනක හෝ හිඳ නුඹ සතුටින් සිටියි නම් මම ද සතුටින් වග පමණක් පවසමි.
සියක් ගව් මා දුරින් සිටියත් - තනිය
දැනෙනා විට හදේ
ඇවිත් මොහොතක් ළඟ රැඳෙන්නම් - අමතකව
නැහැ පියබඳේ
නුවන් අග මුතු කඳුලු සඟවා - සිනාසෙන
විට සඳ නුබේ
පවන් රැල්ලක් වෙලා ඇවිදින් - මුහුණ
සිපගන්නම් ඔබේ
මාලතී මල් පරව යන මුත් - නැවුම් මලකට
ඉඩ හදා
මා හදේ මල් අසුන සිපගත් - කුසුම්
සුවඳයි නුඹ සදා
පැතුම් පමණක් ළඟ ඉතුරු කර - ජීවිතේ ගඟ
යයි ඇදී
සිතින් නොසැලී ගමන මේ දුර - ගලනු කඳුලට
ඉඩ නොදී
හදවතක් ඔය නමින් පෙම් කල - කොතැන හෝ
හිඳ තනිවෙලා
ජීවිතේ කල් ගෙවාගනු ඇත - නුඹේ සැනසුම
දෙස බලා
Subscribe to:
Posts (Atom)